දේශීය පුවත්

රටේ අධ්‍යාපනය පිළිබඳ තීන්දු තීරණ දේශපාලනඥයන්ට භාර නොකොට එම වගකීම අධ්‍යාපනඥයන් ඇතුළු මෙරට උගතුන් සහ බුද්ධිමතුන් අතට ගත යුතු බව ජනාධිපතිතුමා පවසයි.

දරුවන්ට නව ලෝකය ජයගත හැකි අන්දමේ සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ මතුව ඇති ගැටලූවලට විසදුම් ලබාදීමේ ජාතික සැලැස්මක් කඩිනමින් රටට අවශ්‍ය අතර ඒ පිළිබඳ සංවාදයක් දේශපාලනඥයන්, උගතුන්, බුද්ධිමතුන් සහ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවිණයන් එක්ව රට තුළ මතු කළ යුතු බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ 05 වසර ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ජාවකදීය.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ 05 වසර ශිෂ්‍යත්ව විභාගය අද රටේ දරුවන්ගේ අධ්‍යාපනයට ඉතා අහිතකර තත්ත්වයක් නිර්මාණය කර ඇති බවයි.

ජනපි‍්‍රය පාසල් යන සංකල්පය ඉලක්ක කර ගනිමින් 05 වසර ශිෂ්‍යත්වය තුළ ඇතිව ඇති තරගකාරිත්වය රටේ දරුවන්ගේ අධ්‍යාපනයට යහපත් තත්ත්වයක් නොවන අතර මෙම තත්ත්වය රටේ දරුවන් වෙනුවෙන් කඩිනමින් පරිවර්තනයකට ලක්විය යුතු බව ජනාධිපතිතුමා පැවසිය.

ජනපි‍්‍රය පාසල් සහ හොඳම පාසල් යන සංකල්පය තුළ අද රටේ දරුවන්ට අධ්‍යාපනයේ විශාල අසාධාරණයක් සිදුව ඇති අතර විධිමත් අධ්‍යාපන සැලැස්මක් තුළ සියලූ පාසල් හොදම පාසල් බවට පත් කරමින් රටේ දරුවන්ට සම අධ්‍යාපන අයිතින් දිනා දීමේ වැඩපිළිවෙළ කඩිනමින් අවශ්‍ය බව ද ජනාධිපතිතුමා සඳහන් කර සිටියේ ය.

05 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසිකර ඒ සඳහා ඉදිරිපත් කෙරෙන විකල්ප වැඩපිළිවෙල පිළිබඳ මෙහිදී අධ්‍යාපනඥයන් ඇතුළු ක්ෂේත‍්‍රයේ ප‍්‍රවිණයන්ගේ අදහස් විමසීම සිදු කරන ලදී.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරිහු සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ විද්වත් පිරිසක් මෙම සාකච්ජාවට එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More