දේශීය පුවත්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රජපක්ෂ මහතා තම ඇමරිකනු සංචාරය නිමවා අද (12) උදෑසන යලිත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

කොටි ඩයස්පෝරාව සහ ලසන්ත වික්‍රමතුංගගේ දියණිය විසින් විවිධ චෝදනා මත නඩු පවරා ඔහු යලි ලංකාවට පැමිණීම වැලක්වීමට ඇමරිකානු අධිකරණ හරහා උත්සහ කළද ඔවුන්ගේ උත්සාහය ව්‍යවර්ථ වී ඇති බවද වාර්තා වේ.

ඉදිරි ජනපතිවරණයට සන්ධානයේ ජනාධිපති පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ වැඩිම ඉඩක් ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට පෙර සිය ද්විත්ව පුරවැසි බව ඉවත් කර ගත යුතුය. ඒ සඳහා වන වැඩපිළිවෙලට බාධා කොට ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැලැක්වීමට විවිධ පාර්ශව විසින් දියත් කළ කුමන්ත්‍රණයක් පිළිබඳව මින් පෙර අප විසින් අනාවරණය කරන ලදි.

හෙට උදෑසන 8.00 ට පමණ කටුනායක ගුවන් තොටුපල හරහා ලංකාවට පැමිණීමට නියමිත ඔහුව පිළිගැනීම සඳහා විශාල පිරිසක් එම පරිශ්‍රයට පැමිණීමට බලාපොරොත්තු වන බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙක් අප වෙත පැවසීය. සියළු කුමන්ත්‍රණ පරදා යලි මව්බිමට එන ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට අතිවිශාල පිරිසක් එක්වනු ඇති බවත්, දේශහිතෛශී සියළු දෙනාටම එම අවස්ථාවට එක්වන ලෙසත් ඔහු ඇරයුම් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More