විදේශ පුවත්

වසර 30ක් පමණ බලයේ සිටි සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර් බලයෙන් පහකර අත්අඩංගුවට ගත් බව සුඩාන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

රජයේ රුපවාහිනිය ඔස්සේ ජනතාව ඇමතූ ආරක්ෂක අමාත්‍ය අවාඩ් ඉබ්න් ඔව්ෆ් පැවසුවේ හමුදාව වසර දෙකක සංක්‍රාන්ති කාලයක් රට මෙහෙයවා ඉන් අනතුරුව මැතිවරණයක් පවත්වන බවය.

ඔහු පැවසු පරිදි රට තුළ මාස තුනක් හදිසි නීතිය බල පැවැත්වෙනු ඇත..

1989 සිට බලයේ සිටි ඕමාර් අල් බෂීර් ට එරෙහිව මාස කිහිපයක් පුරා උද්ඝෝෂණ පැවැත්විණි.

ඒවා ඇරඹුණේ පසුගිය දෙසැම්බර් මස ඉන්ධන සහ පාන් මිල වැඩිකරන බව රජය නිවේදනය කිරීමෙන් පසුවය.

උද්ඝෝෂකයින් පෙන්වා දෙන්නේ අන්තර්වාර කාලය තුළ සිවිල් කවුන්සිලයක් මගින් රට පාලනය කළ යුතු අතර එයට හමුදා මැදිහත්වීමක් අනවශ්‍ය බවය.

උද්ඝෝෂකයින් පිරිසක් හමුදා මුලස්ථානය ඉදිරිපිට වාඩිවී සිටින බව වාර්තා විණි.

මේ අතර බලයෙන් පහ කෙරුණු අල් බෂීර් සිටින ස්ථානය හෙළි කර නැත.

සුඩාන ආරක්ෂක අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ ව්‍යවස්ථාව බල රහිත කරන ලද අතර දේශසීමා හුවමාරු ස්ථාන නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇති බවය.

ගුවන් කලාපය පැය 24 කට වසා දැමු බව‍ද ඔහු සඳහන් කළේය.

රට තුළ සිටින සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට ක්‍රියාකරන බව සුඩාන රහස් ඔත්තු සේවය පැවසීය.

– BBC



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More