විදේශ පුවත්

ලොව විශාලතම මැතිවරණය ලෙස සැලෙකන ඉන්දීය මහ මැතිවරණය අද (11) ආරම්භ විය. ලෝක ජනගහනයෙන් අටෙන් එකක්, ආසන්න වශයෙන් මිලියන 900ක් ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ලෙස සැලකෙන ඉන්දියාවේ මහ මැතිවරණය සති හයක් මුළුල්ලේ පැවැත්වීමට නියමිත අතර අද (11) ආරම්භ වූ මැතිවරණයේ ඡන්ද විමසීම් අවසන් වනුයේ මැයි මස (19) වැනිදා ය. ඉන්දියාව යනු ලොව දෙවැනි විශාලතම ජනගහනය හිමි රට ද වේ.

ඡන්දය ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන ලක්ෂ 10 කදී ඡන්ද දායකයන් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.

මෙවර මහ මැතිවරණයට නව ඡන්ද දායකයන් ලක්ෂ 410ක් ලියාපදිංචි වී සිටිති. ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින පිරිසෙන් හරි අඩක් කාන්තාවෝය. ඡන්ද දායකයන් 39,000ක් සංක්‍රාන්ති සම්භාවීය පුද්ගලයන්ය.

2010 වසරේ සිට විදෙස් ගත ඉන්දීය ජාතිකයන්ට ද ඡන්දය ප්‍රකාශ කිරීමට ඉන්දීය මැතිවරණ කොමිසම අවස්ථාව සලසා දී තිබේ.

දේශපාලන පක්ෂ 2,300ක් ඉන්දීය මැතිවරණ කොමිසමේ ලියාපදිංචි වී ඇති නමුත් ජාතික මට්ටමේ ප්‍රධාන පක්ෂ ලෙස හඳුනාගෙන ඇත්තේ පක්ෂ හතක් පමණි. පක්ෂ 59ක් ප්‍රාන්ත මට්ටමෙන් ඉදිරිපත් ව සිටී.

ඒ.එෆ්.පී. ඇසුරිනි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More