දේශීය පුවත්

යාපනය විශ්ව විද්‍යාලයට ඇතුලත් වන නවක සිසුන් හට අමාණුෂිකව නවක වදය දෙන සිසුන් හට දඩුවම් ලබා දෙන බවටත් වහාම නවක වදය නවත්වන ලෙසටත් දැනුවත් කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි තුල ආවා කල්ලිය විසින් පෝස්ටර් කිහිපයක් අලවා ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ කලා අංශයේ ගොඩනැගිල්ලේ ස්ථාන කිහිපයක ඊයේ (09) රාත්‍රියේ ආවා කල්ලියේ බව කියවෙන අලවා තිබූ පෝස්ටර වලට පිළිතුරු වශයෙන් යාපනය විශ්ව විද්‍යාලය හා නැගෙනහිර විශ්ව විද්‍යලයන්හි ශිෂ්‍ය සංගම් විසින්ද නිවේදනයක් නිකුත් කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ නවක සිසුන්ට නවක වදයක් ලබා නොදෙන බවට අද (10) උදෑසන යාපනය විශ්ව විද්‍යාලයේ කලා අංශයේ අදාල ගොඩනැගිලි තුලද පෝස්ටර් ඇලවීමට පියවර ගෙන ඇත.

ආවා කලලිය විසින් අලවා තිබූ පෝස්ටරයේ සඳහන් කොට ඇත්තේ යාපනය විශ්ව විද්‍යාලයට අධ්‍යාපනය වෙනුවෙන් පැමිනෙණ සිසු සිසුවියන් වෙනුවෙන් මෑත කාලයේදී නවක වදය අමානුෂිකවලබා දෙන බවටත් නවක වදය ලබා දීමේදී කුලය පෙරටු කොටගෙන විවිධ වූ වධ හිංසා පමුණුවන බවට තොරතුරු වාර්ථාවන හෙයින් අදාල පුද්ගලයින් වහාම එලෙස නවක වදයක් ලබා දෙන්නේ නම් එය නතර කළයුතු බවටත් එසේ නොවන්නට නවක වදය ලබා දෙන්නවුන්ට තම සංවිධානයෙන් දැඩි දඩුවම් ලබා දෙන බවටත්ය.

මේ අතර යාපනය විශ්ව විද්‍යාලයේ සහ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් විසින්ද නිවේදනයන් නිකුත් කරමින් පවසා ඇත්තේ යාපනය විශ්ව විධ්‍යාලය තුල කිසිදු අයුරකින් කුලය පදනම් කරගෙන හෝ කුමන හෝ අයුරකින් නවක වදය ලබා නොදෙන බවටත් නවක වදය ලබා දෙන බවට සමාජ මාධ්‍ය මගින් ඇතම් පාර්ශව මගින් ගෙන යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බවටත් එලෙස සමාජ මාධ්‍ය මගින් අසත්‍ය ප්‍රචාරයන් ගෙන යන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවටත් ප්‍රකාශ කරිමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More