දේශීය පුවත්

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට වසර 5 ක් සිය ධුරයේ කටයුතු කිරීමට හැකිද යන්න පිළිබඳව යළිත් වරක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

අලූත් අවුරුදු සමය අවසන් වීමෙන් පසුව නව අගවිනිසුරුවරයකු පත් වනු ඇතැයි ද, නව අගවිනිසුරු පත්වීමෙන් පසුව ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ඉඩකඩ තිබෙන බවද ඊයේ (09 වැනිදා) ශ‍්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම කීවේය.

ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය යුතු බවට පක්‍ෂය තුළ මෙන්ම ඇතැම් පාර්ශ්ව තුළද සාකච්ඡුාවට ලක්වෙමින් තිබෙන බව දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

එසේම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ධුර කාලය 2020 මාර්තු 16 වැනිදායින් අවසන් වන බවද, එම නිසා බොහෝ දුරට ජනාධිපතිවරණයකට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමට ඉඩකඩ වැඩි බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා විසින් 2018 ජනවාරි මාසයේදීද සිය ධුර කාලය පිළිබ`ද ශේ‍්‍රෂ්ඨාධිකරණයේ මතය විමසන ලදි. ඒ අනුව එවක අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් මහතා ඇතුළු පංච පුද්ගල විනිසුරු ම`ඩුල්ලක් විසින් සිය මතය ලබා දෙමින් 2018 ජනවාරි 15 දා ප‍්‍රකාශ කරන ලද්දේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහක් බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More