දේශීය පුවත්

වර්තමානයේ පවතින්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හෝ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් නොවන බවත් ටී.එන්.ඒ එක විසින් මෙහෙයවන යූ.එන්.පී ආණ්ඩුවක් බව ජ්‍යේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ඊයේ(09) ජාතික සංවිධාන එකමුතුව කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පවසා සිටියේ අවුරුදු 450ක් පෘතුගීසි, ලන්දේසි, බ්‍රිතාන්‍ය පාලන සමයේ සිදු වූවාට වඩා විනාශයක් මේ වසර කිහිපය තුළ දී වර්තමාන ආණ්ඩුව විසින් රටට සිදු කර ඇති බවය.

සම්බන්ධන්ට සහ සුමන්තිරන්ට අවශ්‍ය පරිදි ඔවුන්ගේ ඔනෑ එපාකම් ඉටුකරමින් රටේ ජාතික උරුමයන් කුණුකොල්යට විකුණමින්, රටේ ජන ජීවිතය විනාශ කිරීමේ වැඩපිළිවෙලක ආණ්ඩුව නියලී සිටින බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

රටට හතුරු සියලු විජාතික බලවේග ඔවුන් වටා පෙළ ගැසී සිටින බවත් මේ ආණ්ඩුව ඊලග මැතිවරණයේදී පෙරළා දැමීමට නොහැකි වුවහොත් රටේ අවසානය සිදුබන බවත් රටත් – ජාතියත් මේ උගුලෙන්
ගලවා ගැනීමටනම් සියලු ජාතික බලවේග එකට එක්විය යුතුබවද අවධාරණය කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More