දේශීය පුවත්

මේ වන විට රටේ පොල්තෙල් සහ ෆාම් තෙල් පරිභෝජනය 1:9 ක අනුපාතයට වැඩිවී ඇති බව වාර්තා වේ.

ඊට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ රජයට හිතවත් ජාවාරම්කාරයන්ගේ උවමනාව මත ෆාම් තෙල් සඳහා වන ආනයන බදු අඩු මට්ටමක් පවත්වාගෙන යාම බවද වාර්තාවේ.
මෙම වසර වන විට රට තුළට ආනයනය කරන ෆාම් තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 235,000 දක්වා වැඩි වී ඇති අතර පොල්තෙල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 27,000 දක්වා අඩුවී ඇත.

හාස්‍යජනකම තත්ත්වය වන්නේ පොල් තෙල් අපනයනයය කොට ඩොලර් මිලියන 20ක් උපයන විට ෆාම් තෙල් ආනයනය සඳහා ඩොලර් මිලියන 140 වැය කිරීමයි.
ඒ අතර බදු වංචා කිරීම සඳහා පිරිසුදු නොකල ෆාම් තෙල් ආනයනය කොට වෙළඳපොළට නිකුත් කිරීම්ද සිදුවේ. පිරිපහදු නොකළ ෆාම් තෙල්වල 20% දක්වා ශරීරයට ඉතා අහිතකර නිදහස් මේද අම්ල අඩංගංගු වන බවද වාර්තාවේ.

ඒ අතර ෆාම් තෙල් ආනයන කරුවන්ගේ යහපත තකා පොල් වගාව නොසලකා හැරීම නිසා මේ වන විට පොල්තෙල් කර්මාන්තශාලා 80% ක් වැසී ගොස් ඇති බවද වාර්තාවේ.

පසුගියදා ගම්පහ පැවැති පොල් වගාකරුවන්ගේ වැඩමුළුවකදී මෙම තොරතුරු අනාවරණය විය. ෆාම් තෙල් පරිභෝජනය ඉහළ යාම බෝ නොවන රෝග ඉහළ යාමට බෙහෙවින් හේතු වන බවට සාක්ෂි ඇතත් පවතින තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් සහ වෛද්‍ය සංගම් නිහඬව සිටීම පිළිබඳව එහිදී අප්‍රසාදය පළ වූ බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More