දේශීය පුවත්

ඉදිරි වසර 5 ක කාලයක් සඳහා විදුලිය මිලදී ගැනීමේ යෝජනාවක් විදුලිබල බලශක්ති හා ව්‍යාපෘති සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා විසින් අද (9) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබු බව වාර්තා වේ.

ඒ සම්බධයෙන් සාකච්ඡා කිරිමට කාලය අවශ්‍ය බවට ඇමැතිවරුන් ප්‍රකාශ කිරිම නිසා කැබිනට් සංදේශය සාකච්ඡා කිරිම මීළඟ කාබිනට් රැස්වීම පැවැත්වෙන ලබන 23 වැනි දාට කල් තැබූ බව රජයේ ආරංචි මාර්ග කියයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (9) උදේ පැවති කැබිනට් රැස්වීමේ දී මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති ඇමැතිවරුන් කිහිප දෙනෙකු පවසා ඇත්තේ තමන්ට මෙම පත්‍රිකාව ලැබුණේ ඊයේ (8) පස්වරුවේ බැවින්, එය ප්‍රදානය කිරිමට කාලය අවශ්‍ය බවයි.

ඒ අනුව යෝජනාව සාකච්ඡාවට ගැනීම ලබන 23 වැනි දාට කල් දමා ඇති බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More