විදේශ පුවත්

ඊශ්‍රායල මහ මැතිවරණය ඊයේ (9) ආරම්භ වූ අතර මහ මැතිවරණයෙන් දක්ෂිණාංශික අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ජයග්‍රහණය කරනු ඇතැයි දැනටමත් අනාවැක පළ වී ඇත.

අගමැති බෙන්ජමින් නෙදන්යාහු මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ඔහු අග්‍රාමාත්‍ය ධුරයට පත්වන පස්වැනි අවස්ථාව මෙය වනු ඇත.

ඊශ්‍රායල අගමැතිවරයාගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වී ඇත්තේ එරට හමුදාවේ හිටපු ජෙනරාල්වරයකු වන බෙනී ගාන්ට්ස් ය. පිරිසුදු ආණ්ඩුවක් ස්ථාපිත කරන බවටත් සමගිය සහ එකමුතුකම ඇති කරන බවටත් ඔහු පොරොන්දු දී ඇත.

මැතිවරණ ප්‍රචාරණ සමයේදී ප්‍රතිවාදී පක්ෂ අතර අන්තර්ජාලය ඔස්සේ දූෂණය, වංචාව, ආරක්ෂාව ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් දරුණු මත ගැටුම් ඇති විය.

ගාන්ට්ස් මහ මැතිවරණයට ඉදිරිපත් වී ඇත්තේ ‘නිල් සහ සුදු’ නමැති පක්ෂයකිනි. එම පක්ෂය මධ්‍යස්ථ මතධාරී පක්ෂයකි. එම පක්ෂය ඊශ්‍රායල හමුදාවේ හිටපු ජෙනරාල්වරු බොහෝමයක් සම්බන්ධ වී සිටිති.

නෙදන්යාහුගේ ක්‍රියාකලාපය ඔවුන් බොහෝ දෙනකුගේ විවේචනයට ලක්ව තිබෙන අතර ආරක්ෂාව සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැතිවරයා අනුගමනය කරන ක්‍රියාමාර්ග ද ඔවුන්ගේ දෝෂදර්ශනයට ලක්ව තිබේ.

රොයිටර් ඇසුරිනි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More