දේශීය පුවත්

අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය රියදුරන්ගේ සංගමය තීරණය කර තිබේ.

වැටුප් ප්‍රශ්නය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගමිනින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවත් ඒ අනුව හෙට (10) දිනයේ දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම අඩාල කෙරෙනු ඇති බවත් එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසයි.

මේ අතරම අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සඛේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය පවසයි.

රජය විසින් රථවාහන දඩ මුදල් වැඩි කිරීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සංගමයේ සංවිධායක යූ. කේ. කුමාරරත්න මහතා ප්‍රකාශ කළේ.

කෙසේවෙතත් දුම්රිය සහ පෞද්ගලික බස් රථ එකම මොහොතක වැඩ වර්ජනයේ නියැළීම නිසා එළඹෙන සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නිවෙස් කරා යාමට සූදානම් වන ජනතාව දැඩි අපහසුතාවකට පත් වනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More