කමාන්ඩෝ රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත්දා ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛණයකට අත්සන් තබමින් ගනේමුල්ලේ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ පැවැති කෙටි උත්සවයකදී රාජකාරි අරඹනු ලැබීය.
රෙජිමේන්තු මූලස්ථාන පරිශ‍්‍රය වෙත පැමිණි නව රෙජිමේන්තු අධිපතිවරයාට හමුදා සම්ප‍්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව බි‍්‍රගේඩියර් ප‍්‍රියන්ත සේනාරත්න සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්හු උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.
කිලිනොච්චි හිටපු ආරක්‍ෂක සේනා ආඥාපති මෙන්ම කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රැුල්ෆ් නුගේරා, යුද හමුදා දිවියෙන් විශ‍්‍රාම ගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නව රෙජිමේන්තු අධිපති ලෙස පත් කෙරිණිිි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...