දේශීය පුවත්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව තම සංවිධානයද ඇමෙරිකාවේ කැලිෆෝනියා නුවර දිස්ත්‍රික් අධිකරණයේ සිවිල් නඩුවක් ගොනු කළ බව ජත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය සඳහන් කරයි.

දමිල ක්‍රියාකාරිකයෙකු වෙන රෝයි සමධානම් පුද්ගලයෙක් ගොනු කළ පැමිණිල්ලක් අනුව මෙම නඩුව ගොනු කළ බව එම ව්‍යාපෘතිය සඳහන් කරයි.

එසේම මේ සම්බන්ධයෙන් වන නොතීසිය හිටපු ආරක්ෂක ලේකම්වරයාට පසුගිය ඉරිදා රාත්‍රියේ බාර දි ඇති බවත් එම සංවිධානය සඳහන් කරයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇමෙරිකාවේ කැලිෆෝනියා නුවරට නිවාඩුවක් ගත කිරීමට පැමිණි බව තම පෞද්ගලික කුලී විමර්ශකයන් දැන ගැනිමෙන් පසුව මෙම නඩුව ගොනු කළ බවත් ඔවුන් සඳහන් කරයි.

මෙම රෝයි සමධානම් නම් ශ්‍රී ලාංකිකයා දැනට කැනඩා ජාතිකයෙක් ලෙස කටයුතු කර කරන අතර 2007 වසරේදී ඔහු ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් රඳවා තබාගෙන තිබේ. පසුව ඔහු 2010 වසරේ අගෝස්තු මාසයේදී නිදහස් කර තිබේ.

කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට අමෙරිකාවේ රැඳී සිටින අතර පළවන වාර්තා සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රකාශකයෙකු සදහන් කර ඇත්තේ අමෙරිකානු අධිකරණයකින් නොතීසි භාරදී ඇති බවට පළවන වාර්තා හිටපු ආරක්ෂක ලේකම්වරයා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ වනවිට රැඳී සිටින්නේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නොව අමෙරිකාවේ වෙනත් ප්‍රාන්තයක බවද ඔහුගේ ප්‍රකාශකයා සඳහන් කර ඇත.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මස 12 වෙනිදා යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More