දේශීය පුවත්

හත්වැනි දකුණු පළාත් සභාවේ අවසාන රැස්වීම අද (08) පැවැති අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිපදෙනෙකු රැස්වීමට පැමිණියේ හුළු අත්තක් පත්තු කරගෙනය.

කලේගාන පිහිටි පළාත් සභා ගොඩනැගිල්ලේ දී සභාපති කේ.ඒ.සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

මේ දිනවල සිදු කරනු ලබන විදුලි කප්පාදුවට විරෝධය පළ කරමින් හුළු අත්තක් පත්තු කරගෙන පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු, රජයේ නොහැකියාව නිසා විදුලිය කප්පාදු කරන බවත් මේ නිසා ජනතාව දැඩි අපහසුවට පත්ව සිටින බවත් පැවසුහ.

ප්‍රධාන මාර්ගයේ සිට හුළු අත්තක් දල්වාගෙන පැමිණියත් ගේට්ටුවේ සිටි පොලිස් නිලධාරීන් විසින් සභා පරිශ්‍රයට ඇතුළුවීම වැළක්වීමට පියවර ගත්තේය.

පසුව එම මන්ත්‍රීවරු විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින්, සටන් පාඨ කියමින් සභාවට පැමිණෙන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More