දේශීය පුවත්

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවිය යුතු බව යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය යළි අවධාරණය කර ඇත.

මරණ දඩුවම ලංකාවේ ක්‍රියාත්මක කිරීමට තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය පෙන්වා දෙන්නේ 2018 දෙසැම්බර් මස පැවති 73 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ දී එකඟවූ ආකාරයෙන් ශ්‍රී ලංකා‌ රජය මරණ දඩුවම ඉදිරියටත් අත්හිටුවනු ඇතැයි අපේක්ෂා කරන බවය.

ප්‍රංශ, ජර්මන්, ඉතාලි, නෙදර්ලන්ත, රොමේනියා, නෝර්වේ හා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව හා කැනඩාව යන මහකොමසාරිස් කාර්යාලවල එකඟතාව අනුව එම සංගමය මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා රජය මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ප්‍රතිපත්තියට අනුකූලව වසර 43 කට පසුව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සදහා මෑතකදී කටයුතු කරමින් සිටින බව යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය කියා සිටී.

සීඝ්‍රයෙන් වර්ධනය වන මත්කුඩු ජාවාරම ලොව පුරා රාජ්‍යයන් මුහුණ දෙන බරපතල ගැටළුවක් බවත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම පිළිගන්නා බවත් යුරෝපා සංගමය සදහන් කරයි.

කෙසේ වෙතත් මරණ දඬුවම යනු ඒ සදහා වන ඵලදායී ප්‍රතිකර්මයක් යන්න සනාථ වී නොමැති තර්කයක් වන අතර මත්කුඩු උවදුරට එරෙහිව ක්‍රියාත්මක වීම සම්බන්ධව ඇති අත්දැකීම් බෙදාහදා ගන්නට ඔවුන් සූදානම් බව නිවේදනය මගින් පෙන්වා දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More