දේශීය පුවත්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේ නඩු ගොනු කළ පමණින් ඔහුගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනිමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරිමේ හැකියාවක් නොමැති බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කොළඹදී අද (08දා) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“පුරවැසිභාවය අත හරින්න හදන විට බලහත්කාරයෙන් තියාගන්නේ මොන රටද. ඔහු පුරවැසිභාවය අස්කර ගන්න තිරණය කරනවා නම් බලකරලා පුරවැසිභාවයේ තියාගන්නේ මොන රටද .

කොයි විදියේ නඩුවක්ද, ඒකට හරයක් තියෙනවාද.මොන චේතනාවෙන්ද නඩු පවරන්නේ කියලා බලන්න වෙනවා. නඩුවක් දාපු පමණින් පුරවැසිභාවය ඉවත් කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමේ සම්ප්‍රදායක් ලෝකේ නැහැ. මේක පළිගැනිමක්

සිතාසියක් නිකුත් කරද්දි මොන සිද්ධියක් සම්බන්ධයෙන්ද සිතාසියක් ඉදිරිපත් කරන්නේ කියලා හිතනවා. අද ඊයේ සිදුවුන දෙයක් නම් එහෙම සිතාසියක් නිකුත් කරන්න පුලුවන්. අවුරුදු 10ට පමණ පෙර වුණ දෙයක් සම්බන්ධයෙන් මේ විදියට වෙන්නේ ඇයි. අධිකරණය කූඨ අරමුණ ඉටු කරගන්න ඉඩ සලසන්නේ නැහැ.

ශ්‍රී ලංකා ආන්ඩුක්‍රම ව්‍යවසථාවට අනුව අධීකරණ බලය ක්‍රියාත්මක කරන්නේ ශ්‍රි ලංකාවේ අධීකරණයයි. අධිකරණ පද්ධතිය වැරදි අරමුණට යොදා ගනී නම් ඒ නඩුව පැවරීමේ ක්‍රියාවත් සාපරාධි ක්‍රියාවක්. මේ කරන පුද්ගලයින්ට විරුද්ධව යම් යම් නිතිමය ක්‍රියාමාර්ග ගන්න ඉඩ තියෙනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More