දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට නියමිත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මේ වන විට දේශපාලන කුමන්ත්‍රණයක් ආරම්භ වී ඇත.

එහි පළමු අදියර ලෙස ලසන්ත වික්‍රමතුංගගේ දියණියක වන අහිංසා වික්‍රමතුංග නැමැත්තියක විසින් තම පියාගේ ඝාතනයට ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බව සඳහන් කරමින් ඇමරිකානු අධිකරණයකට පෙත්සමක් භාරදී ඇත.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකානු අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා එරට බලධාරීන් විසින් ඉරිදා (07) රාත්‍රී සිතාසියක් බාරදී ඇතැයි වාර්තාවේ. සිය සමීප මිතුරකු වන සංජිව ගුණසේකර මහතාගේ දියණියකගේ විවාහ මංගල්‍යට සහභාගිවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දිනවල ඇමරිකාවට ගොස් සිටියි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාලව වසර ගණනාවක් තිස්සේ පරීක්ෂණ පැවැත්වෙන අතර ඔහුගේ ඝාතනයට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සෘජුවම සම්බන්ධ බවට එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ එවකට විපක්ෂයේ සංවිධායක වූ ජොශප් මයිකල් පෙරේරාද චෝදනා කරන ලදි.

මෙම ඝාතනය සම්බන්ධව ශ්‍රී ලංකාවේ පරීක්ෂණ සිදුවන අතරතුර මෙසේ ඇමරිකානු අධිකරණයක නඩු පැවරීම මගින් බලාපොරොත්තුවන්නෙ මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම වෙනුවෙන් සිදුකරන ක්‍රියාදාමයට බාධා පැමිණ වීම බව පෙනී යයි. ඒ අනුව මේ පිටිපස වත්මන් රජයේ ඉහලම දේශපාලන බලධාරීන් සිටින බවද අප වෙත වාර්තා වේ.

ඉදිරි ජනාධිපතිවරණයේ නියත පරාජයක් වැලඳ ගැනීමට සැරසෙන ඔවුන් මෙවැනි පිදුරු ගස් වලද එල්ලීම අරුමයක් නොවේ. එක් රටක සිදුවූ අපරාධයකට තවත් රටක නඩු පවරා කල හැකි දෙයක් නොවුනත් ඒ හරහා යම් කාලයක් ලබා ගෙන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වයට බාධා කිරීම මොවුන්ගේ ප්‍රමුඛ අරමුණ වී ඇති බව පැහැදිලිය.

තම පියාට සාධාරණය ඉටු කිරීමට බව පවසමින් ඔහුගේ දියණියද මුදලට තම ආත්මය පාවා දී ඇති බව පැහැදිලිය. එසේ නොමැති නම් වසර අදාල සිද්ධියෙන් වසර 10 කට පසු මෙවන් ක්‍රියාමාර්ගයට එලඹීම තේරුම් ගත හැකි වෙනත් කිසිම ක්‍රමයක් නැත.

කෙසේ වෙතත් මෙවන් ක්‍රියාවලියක් හරහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වයට කල හැකි බලපෑම අවම බව නීති විශාරදයන්ගේ මතය වී ඇත.

Sri.news



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More