දේශීය පුවත්

මින් ඉදිරියට දරුවන් 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම අනිවාර්ය නොවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

නියමිත ආදායම් සීමාවට වඩා අඩු ආදායම්ලාභී පවුල්වල ඉගෙනීමට දක්ෂ දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීම සඳහාත්, පාසල් වල 6 ශ්‍රේණියට සිසුන් තෝරා ගැනීම සඳහාත් පස්වන ශ්‍රේණය ශිෂ්‍යත්ව විභාගය පරීක්ෂණයක් වශයෙන් වාර්ෂිකව පවත්වනු ලබයි.

කෙසේ වෙතත් වර්තමානය වන විට එම මූලික අරමුණෙන් බැහැර වෙමින් ශිෂ්‍යත්ව විභාගය හරහා ශිෂ්‍ය විවිධත්වය සහ බුද්ධි වර්ධනයේ විෂමතාවන් නොසලකා හරිමින් කුඩා දරුවන්ගේ මනසට අහිතකර බලපෑම් ඇති කරවන අයුරින් කෘතීම සහ අනවශ්‍ය තරගකාරී බවක් නිර්මාණය කර තිබෙන බව ළමා මනෝ වෛද්‍ය විශේෂඥවරුන්ගේ සහ අධ්‍යාපනඥයින්ගේ මතය වී තිබේ.

බොහෝ අවස්ථාවලදී අඩු ආදායම්ලාභී ශිෂ්‍යාධාර ලබා ගත යුතු පවුල්වල දරුවන්ටත් වඩා ප්‍රධාන ජාතික පාසල්වල සිසුන්, ශිෂත්වය විභාගය සම්බන්ධයෙන් විශාල පීඩනයකට හසුවන බවයි ඔවුන්ගේ නිගමනය වී තිබේ.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් මින් ඉදිරියට ශිෂ්‍යාධාර සඳහා හිමිකම් ලබන ආදායම් සීමාවට අයත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් හැර අනෙකුත් සියලු ම සිසුන් එම පරීක්ෂණයට ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවන බවත් ඒ සඳහා කිසිදු අයුරකින් සිසුන්ට බලපෑම් නොකළ යුතු බවත් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද 08/2019 චක්‍රලේඛයෙහි දක්වා තිබේ.

ඒ අනුව සිසුන්ට තම අභිමතය පරිදී මව්පියන්ගේ ද කැමැත්ත මත විභාගයට පෙනී සිටිනවාද නැද්ද යන්න තීරණය කළ හැකිවනු ඇත.

යම් අවස්ථාවකදී 5 ශ්‍රේණියෙන් අවසන් වන ප්‍රාථමික පාසලක සිසුවෙකු ශිෂ්‍යත්ව විභාගයට පෙනී නොසිටි අවස්ථාවක දී ඔවුන් සඳහා ප්‍රදේශයේ පාසලක් ලබා දීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත පවරා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More