දේශීය පුවත්

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන සෞඛ්‍ය වෘත්තීය සමිති 16 ක් අද (08 වැනිදා) සහ දුම්රිය වෘත්තීය සමිති හෙට (09 වැනිදා) වැඩවර්ජනයේ නිරත වීමට තීරණය කර ඇත.

උසස් වීම්, වැටුප් හා දීමනා විෂමතා ඇතුළු වෘත්තීය ඉල්ලීම් 10 කට විසඳුම් ඉල්ලා හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය තනතුරුවල වෘත්තීන් 16 ක සාමාජිකයන් අද (08 දා) පෙරවරු 7.00 සිට හෙට (09 දා) පෙරවරු 7.00 දක්වා එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර ඇත.

මේ සඳහා වෘත්තීන් 16 ට අයත් 60,000 කට අධික පිරිසක් වැඩවර්ජනයට එක්වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ඊයේ (07 දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ අතර ශ්‍රේණි විෂමතාවක් මුල්කර ගෙන දුම්රිය වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයන් හෙට (09 දා) මධ්‍යම රාත්‍රි 12.00 සිට 12 වැනිදා රාත්‍රි 12.00 දක්වා පැය 48 ක වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More