අතීතයේ පරාක්‍රමබාහු රජ දවසේදීත් ජනතාවට බදු පනවා ඇති බවත් වර්තමානයේ බදු පැනවීම සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනා කිරීමට පෙර එය සිහිපත් කර ගත යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. ඊයේ (07දා) අනුරාධපුරයේ පැවැති අලුත් සහල් මංගල්‍යට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“දෙවියන්ට පුද පූජා පැවැත්වීමේ සිරිත මිහිදු මහරහතන් වහන්සේගේ පැමිණීමත් සමග ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට සහ ගමේ පන්සලට පුද පූජා පැවැත්වීම දක්වා වෙනස් වුණා. අතීතයේ ඒ ආකාරයට ශිෂ්ඨාචාරය පමණක් නොව ආර්ථිකයත් හැඩ ගැසුණා.
ඒ හරහා විශාල ලෙස ආදායම් ලැබීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. ඒ වගේම ඒ කාලයේ ජනතාවගෙන් බදු එකතු කිරීමත් සිදු කළා. ඒ හරහාත් විශාල ලෙස ලාභ ලැබුවා.
වර්තමානයේ බදු පණවන විට ආණ්ඩුවට චෝදනා කිරීමට පෙර අතීතයේ රජ දවස පරාක්‍රමබාහු රජතුමාත් බදු පැනවූ බව සිහිපත් කර ගත යුතුයි.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...