Uncategorized

ගොවීන්ගේ කාෂි නිෂ්පාදන කල් තබා ගැනීම සඳහා දඹුල්ල ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත විශාල ප්‍රමාණයේ ශීතාගාරය සඳහා වන කොන්ත්‍රාත්තුවට අනුමැතිය ලබා දීමට ඉදිකිරීම් අංශය සඳහා අනුමැතිය ලබාදෙන ආයතනයක ඉහළම පුද්ගලයකු රුපියල් කෝටි හතරක කොමිස් මුදලක් ඉල්ලා සිටීමෙන් එහි වැඩ වසර එකහමාරක සිට ප්‍රමාද වී ඇත.

2016 අයවැය යෝජනාවක් අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශ ආයෝජනයක් ලෙස ශීතාගාර පහක් රට පුරා ඉදිකිරීමට යෝජනා වූ අතර එය ක්‍රියාත්මක නොවීම නිසා එහි අයෝජනය පෞද්ගලික අංශයට ලබා දීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඊට අදාළ කැබිනට් අනුමැතිය 2017 නොවැම්බර් මාසය වන විට ලැබී ඇත.

ඒ අනුව මෙරට රාජ්‍ය හා පෞද්ගලික බැංකු දෙකක් මගින් ඩොලර් මිලියන 4 ක ආයෝජනයක් ලෙස මෙරට ආයෝජකයකු විසින් එය ඉදිකිරීමට කටයුතු සැලසුම් කර ඇත.

ජර්මානු තාක්ෂණය යටතේ වර්ග අඩි මිලියනයක ශීත ගබඩාව මාස හයක් ඇතුළත ඉදිකොට අවසන් කිරීමට සැලසුම් කර තිබිණි. විදුලිය අවම කරමින් සූර්ය බල තාක්ෂණය යටතේ එහි ගබඩාවේ විදුලි සැපයුම ලබා ගැනීමට ද සැලසුම් කර තිබී ඇත.

ගොවීන්ගේ සියලුම කෘෂි නිෂ්පාදන සුළු අයකිරීමක් යටතේ මෙම ගබඩාවේ තැන්පත් කිරීමේ පහසුකම් ලබා දීමට සැලසුම් කර තිබේ.

දෙහි, තක්කාලි, උඩරට එළවළු, පහතරට එළවළු ආදිය වෙන වෙනම ගබඩාකර ඒ සඳහා ලොව පිළිගත් ආරක්ෂණ සහතිකයක්ද නිකුත් කිරීමට සැලසුම් කර තිබී ඇත. එම බඩු භාර දීමේ කුවිතාන්සිය (GRN) බැංකුවලට ඉදිරිපත් කර ණය මුදල් ලබා ගැනීමේ පහසුකම්ද ලබා දීමට නියමිතව තිබේ.

ඒ අනුව එම ගබඩාවේ තැන්පත් කරනු ලබන කෘෂි ද්‍රව්‍ය කිලෝග්‍රෑමයකට සතියකට රුපියල් 1. 25 ක්ද, මසකට රුපියල් 5 ක් හා මාස දෙකකට රුපියල් 10 ක් වශයෙන් අයකිරීමට සැලසුම් කර තිබිණි.

කෙසේ වෙතත් මෙම ශීත ගබඩාවේ ඉදිකිරීම් කටයුතුවලට අදාළ සියලුම කාර්යයන් අවසන්ව අැතත් ඉදිකිරීම් අංශ සඳහා අනුමැතිය දෙන ආයතනයේ අනුමැතිය ලැබී නොමැති නිසා වැඩ ආරම්භ වීම ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.

චමින්ද සේනාරත්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More