බොලිවුඩයේ අලුත්ම සිනමාපටය වන ආන්දෝලනාත්මක පද්මාවත් සිනමාපටය යළි තිරගත කිරීම ආරම්භකෙරුණු ඊයේ (25) දිනයේදී එරට තුළ දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වූ බව විදෙස් මාධය පවසයි. ඒ අනුව දිල්ලි නුවර දී පමණක් පාසල් සියල්ලම වසාදමා මහාමාර්ග ඇතුලු ස්ථාන රැසකම ආරක්ෂාව වැඩි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.
ඊයේ පෙරවරුවේදී එක් පාසල් බස් රථයක් වෙත ප්‍රහාරයක් එල්ලවීම ඒ සඳහා හේතු වී ඇත.
මෙම සිනමාපටය මගින් හින්දු රැජිනක් සහ මුස්ලිම් රජෙකු අතර ආදර වෘත්තාන්තයක් පිළිබිඹු වන බව ඔවුන්ගේ චෝදනාව වී තිබේ.
හින්දු අන්තවාදීන් රැසක්ම සිනමා ශාලා තුළ පද්මාවත් තිරගත වීම නවත්වන ලෙස ඉල්ලා එරට ප්‍රාන්ත රැසකදීම උද්ඝෝෂණද පවත්වා ඇත. මීට පෙර සිනමාපටය මුලින්ම තිරගතකිරීමට සුදානම්ව තිබියදීද ඊට බාහෝ පිරිසක් විරෝධතාව දැක්වූහ.
ඒ අනුව සිනමාපටයේ මුල් නම වූ පද්මාවතී යන්න පසුව පද්මාවත් ලෙස වෙනස් කිරීමටත්, සිනමාපටයේ ඇතැම් දර්ශන සංශෝධනය කිරීමටත් එහි අධ්‍යක්ෂවරයාට සිදුවිය.
මේ වන විට ශ්‍රී ලංකාවේද පද්මාවත් සිනමා පටය ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...