දේශීය පුවත්

අයවැය පරාජයට පත් කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් කිසිදු පාර්ශ්වයක් ක්‍රියාත්මක නොකළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

තම කණ්ඩායම අයවැයට විරුද්ධ වුවත් අයවැය ජයගැනීම සඳහා ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් 119 දෙනෙකුගේ සහයෝගය පැවති බව ඊයේ (05) දින්යේදීත් දැකගත හැකිවූ බව ඒ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය වසරේදී දැඩි තීරණයකට පැමිණ මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයට ද පත් කළ නමුත් ඔවුන්ට පාර්ලිමේන්තුව තුළ ආසන 113ක් සම්පූර්ණ කරගැනීමට නොහැකි වූ බව සිහිපත් කළ ජයසේකර මහතා අනාගතයේදී හෝ ඔවුන් ආසන 113ක් සම්පූර්ණ කරගත හැකි තැනක සිටින්නේ නම් ඔවුන්ට සහාය දීමට තම පක්ෂය සූදානම් බවත් සඳහන් කළේය.

එහෙත් ආණ්ඩු විරෝධී නිසි වැඩපිළිවෙලකින් තොරව නිකම්ම අයවැය ඡන්ද විමසීමකදී ශ්‍රීලනිපය සිර කිරීමට පොහොට්ටුව උත්සාහ දරන්නේ නම් ඊට තමන් යට නොවන බවත් ඒ මහතා අවධාරණය කළේය.

දයාසිරි ජයසේකර මහතා මේ අදහස් පළ කර තිබුණේ නෙත් එෆ්. එම්. ගුවන් විදුලියට ප්‍රකාශයක් ලබා දෙමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More