පුරවැසි කොලම

අද විවෘත වෙළෙඳපොළේ ඇති ජනපි‍්‍රය බොහෝ පලතුරු විෂකාරක යොදා කෘති‍්‍රමව ඉද වූ පලතුරු බව රහසක් නොවේ’ ගසේ පැසී ඉදී වැටෙන තුරු නොසිට පැසීමට පෙර අමුවෙන් කඩා ගන්නා පලතුරු කාබයිට් හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය යොදා කෘති‍්‍රමව ඉදවා වෙළෙඳපොළේ විකිණීම සුලබ වී ඇත’ මෙවැනි පලතුරු අතර පැපොල් – අඹ – අන්නාසි වැනි පලතුරු වඩාත් ප‍්‍රකටය’ එහෙත් දෙහි පවා එසේ කෘත‍්‍රිමව කහ පාට කර විකුණණු පෙනෙයි’ කෘතී‍්‍රමව ඉද වූ පලතුරුවල හානි කීපයකි’ කලකට පෙර ගම්වල වතු අයිතිකරුවන් විකිණුවේ පැසුණු පලතුරු පමණකි’ එවැනි පලතුරු නාසයට ළං කළ විට ඉදුණු හෝ ඉදීගෙන එන කහ පාට පැතිර විශේෂ සුවඳක් වහනය විය’ ගම්වල පවා කෙසෙල් අවුරුද්දකට හෝ වෙනත් උත්සවයකට ඉදවා ගත්තේ දවස් දෙක තුනක් ඒවා මිදුලේ කෙළවරක වළක් කපා වළලා පිදුරු – කැප්පෙටියා කොළ වැනි ස්වභාවික කොළ වර්ග අතුරා වරින්වර දුම් ගැසීමෙනි’ එම පලතුරු වළෙන්් ගොඩ ගන්නා විට සැබෑ සුවඳක් මතු විය’ පාරම්පරික පලතුරු ඉදවුම් ක‍්‍රම මුළුමනින් පරිසරයට හිතකර විය’ පලතුරුවලට හිතකර විය’ කජු ඉදුණු විට පුහුලම සමඟ ඉබේම බිමට පතිත විය’ ගසේ ඉදුණු දූරියන් ගෙඩිය පැසී පුපුරා යන විට සුවඳ වහනය විය’

පලතුරු විකිණූ ගම්මුන් මෙන්ම ඒවා අලෙවි කළ වෙළෙඳුන් ද සැබෑ රස සහිත පලතුරු මිලදී ගන්නා අයට අලෙවි කළහ’ වර්තමානය වනවිට කෙසෙල් – පැපොල් – අඹ මෙන්ම වෙනත් බොහෝ පලතුරු ද ගසේ ස්වභාවිකව පැසවා ඉදුම් පාට එනතුරු තබා ගන්නේ නැත’ පැසීමට පෙර වෙළෙන්දෝ ගහේ ඇති සියලූ පලතුරු එකවර කඩා ගනිති’ පැසුණු – අඩක් පැසුණු – නොපැසුණු සියලූ පලතුරු එසේ එකවර කඩා ගැනීම වෙළෙන්දාගේ සිරිත වී ඇත’

ඉන්පසු මෙසේ කඩා ගත් පලතුරුවලට කාබයිට් හෝ වෙනත් අහිතකර රසායනික ද්‍රව්‍ය දියර ලෙස හෝ දුම් ලෙස ඉසිනු ලැබේ’ දින දෙකක් යෑමට පෙර ඒවා අස්වභාවික කහ පාටක් මතු කරයි’

නොපැසුණු පලතුරු කෘති‍්‍රමව ඉදවීමේ ඇති හානි පලතුරුවල නියම පෝෂණ ගුණය ලැබීමට ගෙඩි ගසේදී පැසී කල් පිරෙන තුරු තිබිය යුතුය’ කෘති‍්‍රමව ඉඳ වූ පලතුරුවල ඇත්තේ ස්වභාවික කහ පාට නොව කෘති‍්‍රම කහ පාටකි’ මෙවැනි පලතුරුවලින් කිසිම සුවඳක් වහනය නොවෙයි’

මෙලෙස කෘති‍්‍රමව ඉද වූ පලතුරුවල පෝෂ්‍ය ගුණයක් නොමැත’ කාබයිට් හා විෂකාරක ශරීරයට අහිතකරය’ කෘති‍්‍රමව ඉදවීම නීතියෙන් තහනම් වුවත් එවැනි පලතුරු එළිපිටම විකුණයි’ එවැනි ක‍්‍රම මගින් ඉද වූ පලතුරු මත විශේෂයෙන් කෙසෙල්වල දින දෙකක් පමණ යන විට කලූ පැල්ලම් මතු වෙයි’ ක‍්‍රමයෙන් එම පැල්ලම් විශාල වී ගෙඩි කුණු වෙයි’ ඒ නිසා කෘති‍්‍රමව ඉද වූ පලතුරු මිලදී ගැනීමෙන් ද ඒවා අනුභවයෙන් ද වැළකීම වඩාත් සුදුසුය’ එපමණක් නොව එවැනි නරක් වී ගෙන එන පලතුරු රැගෙන පලතුරු යුෂ ලෙස අලෙවි කරන ස්ථානවලින් පලතුරු යුෂ පානය ද නුසුදුසුය’ ඒ මගින් විවිධ රෝග මතු වන බැවිනි’ පිටරටින් ගෙන්වන ඇපල් වැනි පලතුරුවලට ද කල්තබා ගැනීම සඳහා විෂකාරක යොදයි’



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More