දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම පිළිබඳ ක්‍රියාවලිය මේ වන විට අවසන් වී ඇති බව විපක්ෂයේ ආරංචි මාර්ග පැවැසීය.

තමන්ගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට අවශ්‍ය බව ගෝඨාභය රාජපක්ෂ මීට මාස 3 කට පෙර මෙරට තානාපති කාර්යාලය මගින් ඇමෙරිකානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී තිබේ.

ඒ අනුව ඊට අදාළ සියලුම ලියකියවිලි ගෝඨාභය රාජපක්ෂ විසින් ඇමෙරිකානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුවට යවා තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ලන්ඩන් බලා ඉකුත් 26 දා පිටත්ව ගිය අතර ඉන්පසු ඔහු ලන්ඩනයේ සිට ඇමෙරිකාව වෙත පැමිණ තිබේ. මෙහිදී සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම සඳහා ඇමෙරිකානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුවට අදාළ අංශ වෙත ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වී තිබේ.

සිය පුරවැසිභාවය ඉවත් කරගැනීමේ කාර්යයන් නිමවූ පසු රාජපක්ෂ අප්‍රේල් 16 දා යළි දිවයිනට පැමිණීමට නියමිතය.
ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු මෙම ජුනි මස මුල් සතියේදී ආරම්භ වීමට නියමිතය.



One thought on “ඇමෙරිකන් පුරවැසි ලියුම් වැඩ අවසන්.. ගෝඨා 16 යළි දිවයිනට…ජනපතිවරණ මෙහෙයුම් කටයුතු ජූනි මුල්සතියේ අරඹයි…”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More