දේශීය පුවත්

විදුලි බිල දෙගුණවෙයි

April 6, 2019 9:44 am | Lanka Lead News

දිනෙන් දින ඉහළ යමින් තිබෙන විදුලි බල හිඟය පියවීමට පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලට ගැනීමට රජය ගෙන ඇති තීරණය නිසා ඉදිරියේදී විදුලි බිල දෙගුණයකින් ඉහළ යනු ඇතැයි වාර්තා වේ.

ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට ප්‍රමාණවත් වැසි නොලැබිම සහ නොරොච්චෝ‍ලේ ගල් අඟුරු බලාගාරයේ බිඳවැටීම නිසා විදුලි බල මණ්ඩලය අපේක්ෂා කළ විදුලි සැපයුම ලබාගත නොහැකි විය.

මේ වනවිට සිදුකරන විදුලි කප්පාදුව අවම කරගැනීමට ඇති එකම විසඳුම පෞද්ගලික බලාගාරවලින් විදුලිය ලබාගැනීම බවත් එහිදී විදුලි ඒකකයකට රුපියල් 32.15 වැනි ඉහළ මිලක් ගෙවීමට මණ්ඩලය තීරණය කර ඇති බවත් වාර්තා වෙයි.

විදුලිබල මණ්ඩලය ජනනය කරන විදුලි ඒකකයකට රුපියල් 18.25 වැයවන අතර වත්මන් විදුලි බිල මේ මට්ටමේ තබාගත හැකිව ඇත්තේ එම නිසා බවත් රුපියල් 32.15ක් වැනි මිලකට විදුලි ඒකකයක් මිලට ගැනීම නිසා විදුලි බිල දෙගුණ වීම අනිවාර්ය බව විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

ලක්බිම



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More