දේශීය පුවත්

වර්තමානයෙහි රටේ ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවක් නොව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුවක් බැවින් අයවැයෙහි වගකීම ද ජනාධිපතිවරයා විසින් භාරගත යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමේ තීන්දුව ජනාධිපතිවරයා විසින් ගත් එකක් බවයි මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ.

මේ අනුව ශ්‍රීලනිප – පොහොට්ටු සාකච්ඡා අසාර්ථක වේදැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ සාකච්ඡා අසාර්ථක නොවන බවත් සියළු දෙනාම එක්ව අවසානයේ සටනට බසින බවත්ය.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (05) අයවැයෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය අමතමිනි.

මේ අනුව ශ්‍රීලනිපය අයවැය ඡන්දයට සහභාගී නොවන බව ස්ථිර වීමෙන් අනතුරුව ඊයේ පෙරවරුවේ පටන් සාකච්ඡා නවතා දමන ලෙස පොහොට්ටු මන්ත්‍රීවරුන් විසින් මහින්ද රාජපක්ෂ මහතාට කළ ඉල්ලීම් ඒ මහතා විසින් කුණු කූඩයට දමා ඇති බවක් පෙනේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More