දේශීය පුවත්

පිළිකා රෝගීන් සඳහා වන එන්නත් ප‍්‍රමිතියෙන් තොර හා වැඩි මිලකට රුසියාවෙන් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්කි ලබා දීමට ලබන 9 වැනිදා වත්මන් රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින්නැයි එම කොමිසම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වත්මන් සභාපතිවරයාට අද (5) නොතීසි නිකුත් කළේය.

එසේම එම එන්නත් ගෙන්වීම සිද්ධිය සිදුවී ඇතැයි කියන 2015 ‐ 2018 වකවානුවේ සිටි සභාපතිවරයාට ද එදිනම ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කෙරිණි.

ඒ අනුව මොවුන් දෙදෙනාටම ලබන 9 වැනිදා පෙරවරු 9.30 ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කෙරිණි.

ජනාධිපති කොමිසමේ පැමිණිලි විභාග කටයුතු අද (5) පෙරවරු 9.30 ට ආරම්භ වූ අතර පිළිකා රෝගීන් සඳහා වන එන්නත් ප‍්‍රමිතියෙන් තොර හා වැඩි මිලකට රුසියාවෙන් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ල වැඩිදුර විභාගයේ දී සාක්කි දුන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදී ගෝපි ක‍්‍රිෂාන්ත ද සිල්වා මහතා කියා සිටියේ එම බෙහෙත් ගෙන්වීම සම්බන්ධයෙන් ඇගයීම් වාර්තාව ලබා දුන් මහාචාර්ය අසිත ද සිල්වා මහතා පසුව අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත් වූ බවය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති කොමිසමේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කියා සිටියේ මෙම පැමිණිල්ල පිළිබඳ විභාගයේ දී අදාළ ඖෂධ වර්ගය සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බවය.

එබැවින් සාක්කි විභාගයේදී වෙනත් ඖෂධ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම හෝ සඳහන් කිරීම මෙම විභාග කටයුතු වෙනතකට යොමු කිරීමක් බැවින් එසේ විභාග කටයුතු වෙනත් මඟකට යොමු කිරීමෙන් වළකින්නැයිද කොමිසමේ සභාපතිවරයා සාක්කිකරු වෙත අවවාද කරන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More