දේශීය පුවත්

2019 අයවැය තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම අද වැඩි ඡන්ද 45 කින් පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය.

ගියවර මෙන්ම මෙවරද අයවැයට විරුද්ධව ඡන්දය ලබාදුන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ නොසිටි බව වාර්තා වෙයි.

තුන්වැනිවර ඡන්ද විමසීම අද පස්වරුවේ සිදු කිරීමට පෙර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම මෙවරත් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළේය.

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ සිදුවූ අතර ඡන්ද විමසීම පැවැත්වුණේ විද්‍යුත් ක්‍රමයටයි.

එහිදී අයවැයට පක්ෂව මන්ත්‍රීවරුන් 119 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළ අතර මන්ත්‍රීවරුන් 74 දෙනෙකු ඊට විරුද්ධව ඡන්දය ලබා දුන්නේය.

ඒ අනුව 2019 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 45 කින් සම්මත වුණි.

මෙහිදී අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන්නේ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මුත්තු සිවලිංගම් මන්ත්‍රීවරයා අයවැයට පක්ෂව ඡන්දය ලබාදීම විශේෂත්වයකි.

එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වූ පූජ්‍ය අතුරලියේ රතන හිමි, අශෝක ප්‍රියන්ත, දුනේෂ් ගන්කන්ද හා විජේදාස රාජපක්ෂ යන මහත්වරුන් හා දෙමළ ජාතික සන්ධානයේ ශිවශක්ති ආනන්දන් මන්ත්‍රීවරයා ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ නොසිටි බව වාර්තා වෙයි.

අයවැයට විරුද්ධව ඡන්දය ලබාදුන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දය දීමෙන් වැළකීමේ තීරණයට එකඟ නොවූ එස්.බී.දිසානායක, ඩිලාන් පෙරොරා, සුසිල් ප්‍රේමජයන්ත, චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, අනුරාධ ජයරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, අනුර ප්‍රියදර්ශන යාපා, ටී.බී.ඒකනායක විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, රන්ජිත් සියඹලාපිටිය, දුෂ්මන්ත මිත්‍රපාල, ශ්‍රියානි විජේවික්‍රම, නිශාන්ත මුතුහෙට්ටිගම,වීරකුමාර දිසානායක, මහින්ද සමරසිංහ, සරත් අමුණුගම, තිලංග සුමතිපාල හා කාදර් මස්තාන් යන මන්ත්‍රීවරුන් සභා ගර්භයේ සිටියේ නොමැති බව වාර්තා වෙයි.

ආරුමුගම් තොණ්ඩමන් මන්ත්‍රීවරයා ද මෙම අවස්ථාවේ සභා ගර්භයේ නොසිටි බව වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More