දේශීය පුවත්

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින්, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ නව කොමසාරිස්වරයා ලෙස මහාචාර්ය රංගික හල්වතුර මහතා පත්කර තිබේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යාව සම්බන්ධ මහාචාර්යවරයෙකු වන හල්වතුර මහතා 2017 වසරේදී ලෝක විද්‍යා ඇකඩමිය මගින් පිරිනමනු ලබන තුන්වන ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයාට හිමි සම්මානය දිනා ගැනීමටද සමත් විය.

වර්තමාන ශ්‍රී ලංකාවේ සිටින ඉංජිනේරු විද්‍යාව සම්බන්ධ ළාබාලතම මහාචාර්යවරයා වන රංගික හල්වතුර මහතා ප්‍රායෝගික නව නිර්මාණ ශිල්පියෙකු ලෙස නිර්මාණකරණයේද යෙදෙන්නෙකි.

එම කොමිසමේ සහකාර කොමසාරිස්වරුන් ලෙස මහාචාර්ය දයාල් ප්‍රේමකුමාර ද කොස්තා සහ යසස් චන්ද්‍ර ද සිල්වා යන මහත්වරුන් අමාත්‍යවරයා විසින් පත්කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More