දේශීය පුවත්

දැනට ආන්දෝලනයට තුඩු දී ඇති ගැබ්බර කිරි දෙනුන් ගෙන්වා මෙරට කිරි ගොවීන්ට බෙදා දීමේ රජයේ ව්‍යාපෘතියට අදාළ ගිවිසුමේ මුල් පිටපත ඊයේ (04 දා) උදේ රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙස එම කොමිසමේ සභාපති විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ග‍්‍රාමීය ආර්ථික අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධර්මසිරි ආරියපාල මහතාට නියෝග කර තිබුණත් එම ගිවිසුමේ මුල් පිටපත එම අමාත්‍යාංශය සතුව නොමැති බව ඊයේ (4 දා) කොමිසමේ සාක්ෂි විභාගයේදී අනාවරණය විය.
එම ගිවිසුම එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සහ ඕස්ටේ‍්‍රලියාවේ වෙලාර්ඞ් ග‍්‍රාමීය අපනයන සමගම සමග වර්ෂ 2014 දී අත්සන් කළ එකක් බව ද කොමිසමේදී අනාවරණය විය.

මුලින්ම අදාළ ගිවිසුම පෙරේදා (03 දා) කොමිසමට ඉදිරිපත් කරන ලෙස කොමිසම විසින් ග‍්‍රාමීය ආර්ථික අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධර්මසිරි ආරියපාල මහතාට දන්වා තිබුණත් අතිරේක ලේකම්වරයා කොමිසමට එදින ඉදිරිපත් කළේ අමාත්‍යාංශ ලේකම්වරයා සහතික කළ ඡුායා පිටපතක් නිසා ඒ ගැන සාක්ෂිකරුට අවවාද කළ කොමිසම නැවත ඊයේ (4 දා) දින එහි මුල් පිටපත රැුගෙන උදේ 9.30 ට යළි කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

ආරියපාල මහතා ඊයේ (4 දා) කොමිසමට පැමිණි අතර එහිදී අනාවරණය වූයේ ඕස්ටේ‍්‍රලියාවේ වෙලාර්ඞ් ග‍්‍රාමීය අපනයන සමාගමට ලබා දුන් මුල් ගිවිසුමේ පිටපත මත පදනම්ව ග‍්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කටයුතු කළ බවයි. 2016 වර්ෂයේදී මේ ගිවිසුමේ සංශෝධනයක් වී තිබුණත් එහි දිනයක් පවා නොමැති බවද ඊයේ කොමිසමේ සාක්ෂි විභාගයේදී හෙළි විය.

2018 පෙබරවාරි සිටම මේ කිරි හරක් ගැන චෝදනා එල්ල වී තිබියදී තවත් හරක් 15000 ක් වෙනුවෙන් අත්තිකාරම් මුදල් ගෙව්වේ මන්දැයි කොමිසමේ සභාපති විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සාක්ෂිකරුගෙන් ප‍්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කීවේ එම ගවයන් මිලදී ගැනීමට හෝ නොගැනීමට සහ එම ගිවිසුම අවලංගු කරන්නේ ද යන්න ගැන තවමත් අමාත්‍යාංශය තීරණයක් ගෙන නොමැති බවයි.

දියත් කළ ගැබ්බර කිරි දෙනුන් ගෙන්වා බෙදා දීමේ ව්‍යාපෘතිය යටතේ ලබා දෙන ලද දෙනුන් ගිවිසුම්ගත තත්ත්වයට වඩා පටහැනි නිසා ගොවිපළ හිමියන්ට විශාල පාඩු විඳින්නට සිදුව ඇති නිසා ඒ ගැන පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටින බව මස්කෙළිය ලැමමෝර් සත්ත්ව ගොවිපළේ සභාපති අමල් සුරියගේ මහතා මීට පෙර රාජ්‍ය ආයතනවල ¥ෂණ වංචා සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඉල්ලා තිබිණි.

විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙම විශේෂ කොමිසම ඊයේ (04දා) උදේ 10.00 ට පමණ රැුස් විය.

මෙම කොමිසමේ පළමු අතුරු වාර්තාව මාස 03 ක් ඇතුළතත්, නිගමනයන් හා නිර්දේශයන් ඇතුළත් අවසන් වාර්තාව මාස 06 ක් ඇතුළතත් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More