දේශීය පුවත්

අයවැය ඡන්දය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ තීරණය අද (05දා) පස්වරුවේ ගැනීමට තීරණය කර තිබේ. මෙ සම්බන්ධව තීන්දුවක් ගැනීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ සාකච්ඡාවක් සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ඊයේ පාර්ලිමේන්තු සංකිර්ණයේදී පැවැත්වීය.

එහිදී නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අවසන් තීන්දුවකට නොපැමිණි අතර අද ජනපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව ඔවුන්ගේ තීරණය ගැනීමට තීන්දු කර තිබේ. ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් දැනටමත් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරිමට තීරණය කර තිබේ.

නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේ පක්ෂය කුමන තීන්දුවක් ගත්තත් තමන් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවයි.

එළඹෙන ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කරන බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේදී සහතිකයක් ලබා නොදෙන්නේ නම් අද (05) පැවැත්වෙන අවසන් අයවැය ඡන්ද විමසීමේ දී ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම සුපුරුදු ලෙස ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටීමට තීන්දු කර ඇතැයි මීට පෙර වාර්තා විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More