දේශීය පුවත්

මන්නාරම සතොස සමූහ මිනීවළ පස්වලින් තාවකාලිකව වසා දැමීමේ කටයුතුවල මූලික අදියරය ආරම්භ කොට තිබේ.

මන්නාරම දිසා විනිසුරු ටී.සරවණරාජා මහතා එම ස්ථානයට ගොස් එම කටයුතු නිරීක්ෂණය කළේය. සමූහ මිනී වළ තාවකාලිකව පස්වලින් වසා දැමීමේ කටයුතු මහාචාර්ය රාජ් සෝමදේව හා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදුවෙයි.

මන්නාරම සමූහ මිනී වළෙන් ගොඩගත් මිනිස් ඇටසැකිලිවල සාම්පල හයක් ඇමරිකාවේ ෆ්ලෝරීඩා රසායනාගාරයේදී කාබන් පරීක්ෂාවකට ලක් කොට ලබා ගත් වාර්තාවේ ස`දහන් වූයේ ඒවා වසර 600ක් පමණ පැරණි ඒවා බවයි.

මේ වාර්තාව අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසුව තවදුරටත් මෙම සමූහ මිනී වළේ කැණීම් කටයුතු කරගෙන යෑමේ අර්ථයක් නොමැති නිසා සමූහ මිනීවළේ කැණීම් මාස තුනක කාලයකට තාවකාලිකව අත්හිටුවීමට මන්නාරම දිසා විනිසුරුවරයා තීරණය කළේය.

මන්නාරම් මිනී වළ වසා දමා පෘතුගීසීන් බේරා ගනියිද? යනුවෙන් ජාතික සංවිධාන එකමුතුව විසින් මාධ්‍ය වෙත යොම්‍රුකරන ලද ලිපියක් අප වෙත අප වෙත ලැබී ඇති අතර එම ලිපිය පහතින් පළ කර ඇත.

සම්පූර්ණ ලිපිය කියවීමට මෙතැනින් පිවිසෙන්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More