දේශීය පුවත්

නුගේගොඩ පල්ලිය පාරේ පිහිටා තිබෙන රෝයල් ඉන්ස්ටිටියුට් (Royal Institute) ජාත්‍යන්තර පාසල සහ පෞද්ගලික අධ්‍යාපන ආයතනය පිහිටි ගොඩනැගිල්ල නිතිවිරෝධි අයුරින් පවත්වා ගෙන යන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (03) තීන්දු කරන ලදී. ඒ එම ගොඩනැගිල්ල මාස 03ක් ඇතුලත එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස නියෝගයක්ද පනවමින්ය.

සිසිර ජේ ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ එල්.ටි.බි. දෙහිදෙණිය නම් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දෙන ලදි.

පල්ලිය පාරේ පිහිටා තිබෙන රෝයල් ඉන්ස්ටිටියුට් ආයතනය නීතිවිරෝධී අයුරින් නුගේගොඩ මිශ්‍ර සංවර්ධන කළාපය තුල ගොඩනැගිලි ඉදිකිරිම සහ අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් 16 දෙනෙක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අද දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදි.

රෝයල් ඉන්ස්ටිටියුට් ආයතනය විසින් නීතිවිරෝධී ආකාරයෙන් ගොඩනැගිලි ඉදිකිරිම සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් විසින් කෝට්ටේ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ රෝයල් ඉන්ස්ටිටියුට් ආයතනය ඇතුළු වගඋත්තරකරුවන් 18ක් මෙම මුලික පෙත්සමට අදාළව ලෙස නම් කර තිබුණි.

මේ වන විට රෝයල් ඉන්ස්ටිටියුට් ආයතනය විසින් නුගේගොඩ පල්ලිය පාරේ අංක 10 සහ 12 යන ස්ථානයේදී ඉදිකර ඇති සියළුම නීතිවිරෝධී ඉදිකිරීම් අද දින සිට මාස තුනක් ඇතුලත කඩා ඉවත් කරන ලෙසත් එම ස්ථානයේ ජාත්‍යන්තර පාසලක් හා අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යාමට ලබාදී ඇති බලපත්‍රයද අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More