දේශීය පුවත්

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත හකුලා ගන්නා ලෙස සහ තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් හෙට (04දා) වෛද්‍යවරුන් දහසක් ලෙඩ නිවාඩු වාර්තා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මීට අමතරව කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් හා කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමනක්ද පවත්වන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

මෙම විරෝධතාවට හා විරෝධතා පාගමනට රජයේ විධායක සේවා නිලධාරීන්ගේ වෘත්තිය සමිති 17ක නියෝජිතයින් සම්බන්ධ වන බවත්, විධායක සේවාවලට ඇතිවී තිබෙන වැටුප් විෂමතා ඉවත්කර ගැනීම ඇතුළු රාජ්‍ය ‘සේවාවේ ගැටලු කිහිපයක් විසඳා ගැනීම මෙම ක්‍රියාමාර්ගවල අරමුණු වන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More