දේශීය පුවත්

අයවැය අවසන්වර කියවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය භාවිතා කිරීම සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඊයේ (02) පැවති සාකච්ඡාවේදීත් අවසන් තීන්දුවක් නොමැතිව අවසන් වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අයවැය ඡන්ද විමසීම පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීමට එළඹෙන 4 වනදා නැවත රැස්වෙන බවයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ එම පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ ජනාධිපතිවරයා අතර ඊයේ (02) ජනාධිපති මන්දිරයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

පස්වරු 7.00 ට පමණ ආරම්භවූ මෙම රැස්වීම පැය දෙකහමාරකට ආසන්න කලයක් පැවැති අතර අයවැයට පක්ෂ විය යුතු බව පිරිසක් ප්‍රකාශ කල අතර එයට විරුද්ධ විය යුතු බව පිරිසක් පැවසීය. ඡන්ද විමසීම මග හැරීම වඩාත් සුදුසු බවද මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රකාශ කොට ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More