දේශීය පුවත්

බි‍්‍රතාන්‍යයන් ශ‍්‍රී ලංකාවෙන් රැගෙන ගිය වටිනා පුස්කොළ පොත් සහ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ යුගයට අයත් පුරාවස්තු ආපසු දෙන ලෙස ඉල්ලමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා බි‍්‍රතාන්‍ය රජයට එරෙහිව නඩුවක් ගොනු කර ඇත.

මෙම නඩුව සඳහා බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලාංකික නීතිවේදිනියක් හා රාජ නීතිඥවරු දෙදෙනෙක් පෙනී සිටිති. රියර් අද්මිරාල්වරයකු බි‍්‍රතාන්‍යයට එරෙහිව නඩුවක් පැවරූ මුල්ම අවස්ථාව මෙය වෙයි.

ශ‍්‍රී ලංකාවට අයත් පුරාවස්තු රැගෙන යෑම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යය සමාව ගත යුතු යැයිද නඩුවේ සඳහන්ව ඇත. ශ‍්‍රී ලංකාවට අයත් මෙම කෞතුක වස්තු ලන්ඩන් කෞතුකාගාරයේ තැන්පත් කර ඇතැයි හෙළි වී තිබේ.

මේ අතර පසුගියදා පැවති 40 වන මානව හිමිකම් සැසිවාරයට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නියෝජනය කරමින් සහභාගීවූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කොමිසම හමුවේ සිය කතාව අතරතුර නිර්භීතව පහත ප්‍රකාශය සිදු කළේය.

එම ප්‍රකාශය පහතින්-

‘‘පරණ පුරුදු අතහරින්න අපහසුයි .අපිව යටත් කර ගත් ,අපේ සංස්කෘතිය විනාශ කළ බ්‍රිතාන්‍යන් දැන් ආයෙත් වැඩ පටන් අරන් .අපි නියෝග කරනවා එංගලන්තයට අපිට වගවීම් ගැන බණ දේශනා කරන පළමුව අපෙන් සමාව ඉල්ලා අපෙන් පැහැර ගත් පුස්කොළ පොත් ඇතුළුව අපේ වස්තුව නැවත භාර දෙන්න කියා . වින්ස්ටන් චර්චිල් දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජර්මානුවන් මිලියන දෙකක්හා මතේ තබා මිය යන්න සැලසුවා එහෙව් ජර්මනිය එංගලන්තය සමග අපට මානව හිමිකම් ගැන කතා කිරීම විහිළුවක්.මෙයට සම අනුග්‍රහකත්වය දක්වන අපේ නායකයෝ නිවට ඇති.නමුත් ලාංකීක ජනතාව නිවට නැත.‘‘

සරත් වීරසේකර මානව හිමිකම්කොමසාරිස්වරිය පතුරු ගසයි ජාතීන්ට වෙනස් ආකාරයට සැලකීම පිළිබඳ ව කතා කරන විට අද අප කිව යුතුයි ,අද යුද හමුදාවේ සිංහල ජෙනරාල්වරු දෙමළ ත්‍රස්තවාදීන් පරාජය කළ නිසා දඬුවම් විඳින බව මෙම ජනරාල්වරු යුද පෙරමුණේ සිටි අය ජාත්‍යන්තර යුද අපරාධ විශේෂඥයන් හෙළා දැකපු එක්සත් ජාතීන්ගේ මහලේකම් ගේ විශේෂඥ වාර්තා වේ අඩංගු සාවද්‍ය යුද අපරාධ චෝදනා මත ජිනීවා ,මහ කොමසාරිස්වරිය සිතනවා ඔවුන්ට විරුද්ධව සර්ව ලෝක අධිකරණ බලය යටතේ නඩු පැවරිය යුතු ය කියා ඇය කියනවා දේශීය යාන්ත්‍රණයක් තිබුනේ නැත කියා .එය සත්‍යයෙන් තොරයි .දේශීය කොමිසම් තුනක් තිබුණා ඒ එකකින් වත් මේ කිසිම ජනරාල්වරයෙක් ට විරුද්ධව කිසිම අපරාධයක් කළ බවට ඔප්පු වී නැහැ ඇය ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කිරීම පිළිබඳව කනස්සල්ල පළ කරනවා ජනාධිපති ඔහුව පත් කලේ සුදුසුකම් මත එය අපේ අභ්‍යන්තර කටයුත්තකි .එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව ඇයට අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසන්න බෑ.මහ කොමසාරිස්වරිය සමූහ මිනී වළ ගැනත් කතා කරනවා .අතුරුදහන් කාර්යාලය නියමිත කාලයට පෙර වෝහාරික පුරාවිද්‍යාඥයන්ගේ විරුද්ධත්වය මත කාබන් කාල නිර්ණය කිරීම සඳහා සාම්පල යැව්වෙ යුද හමුදාවට වගකීම පවරන්න .නමුත් ඔවුන්ගේ අවාසනාවට ඒ ඇටකටු වසර 600 ක් පැරණි බවට දැන් සනාථ වී තිබෙනවා .යුද හමුදාවට එරෙහි කුමන්ත්‍රණය ඉතා පැහැදිලියි .ඔවුන්ට විදේශීය රටවලට යාමට වීසා ලැබෙන්නේ නැහැ සාම .සාධක හමුදාවට යන්න වරම් නැහැ හේතුව යුද්ධයට සහභාී වූ නිසා මහ කොමසාරිස්වරිය සාවද්‍ය චෝදනා මත ඔවුන්ව සර්ව ලෝක අධිකරණ බලයට යටත් කරනවා. ඇමරිකාව මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත් වුණේ මෙය දේශපාලනයේ අසූචි වළක් ය කියා .අපගේ රණ විරුවන් කෙරෙහි මහ කොමසාරිස් දක්වන මෙම පිළිකුල් සහගත ආකල්පය නිකි හෙලිගේ ඉහත ප්‍රකාශය තව දුරටත් සනාථ කරනවා .Sent from Yahoo Mail on Android

Gepostet von Maduranga Perera am Dienstag, 19. März 2019



One thought on “EXCLUSIVE: ශී‍්‍ර ලංකාවෙන් ගෙනගිය කෞතුක වස්තු ඉල්ලා බි‍්‍රතාන්‍යයට එරෙහිව සරත් වීරසේකර නඩු දමයි (Video)”

  1. Once an item is sold for money you have no chance to claim it back. It’s better for all intents and purposes to keep it in the UK from a Safety Point of view. The Mahana Bamunas here will destroy the Books since it cuts across their Indian Pilgrimage Business. Buddha was born in Since Lanka and these Mahana Bamunas do not believe it .. therefore they will destroy all evidence in these Books
    L

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More