දේශීය පුවත්

ලබන 09 වැනිදා අධිකරණය ඉදිරියේ පෙනී සිටින්නැයි විදුලිබල මණ්ඩලයේ බලධාරීන්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නොතීසි නිකුත් කර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් රංග දසනායක මහතා විසින් ඊයේ (02) මෙම නියෝගය නිකුත් කර තිබේ.

විදුලි කප්පාදුවට අදාල වාර්තා මහජන උපයෝගීතා කොමිසමට ලබා නොදුන් බව පවසමින් මහජන උපයෝගීතා කොමිසම අධිකරණය වෙත ගිය අතර එම කොමිසම වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරු ඉල්ලා සිටියේ විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු ඉහළ නිළධාරීන් 09 දෙනෙකු අධිකරණය ඉදිරියට කැඳවන ලෙසයි.

2018 වසරේ මැයි 28 වැනිදා සිට, විදුලි කප්පාදුව ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම විසින් ඉල්ලා සිටි වාර්තා ලබාදීම විදුලිබල මණ්ඩලය විසින් පැහැර හැර ඇති අතර නීතිඥවරුන් අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් කියා සිටියේ ඒ පිළිබඳව අවස්ථා කිහිපයකදී කොමිසම විසින් සිහිකැඳවීම් සිදුකර ඇති බවයි.

ඒ අනුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ලබන 09 වැනිදා අධිකරණය ඉදිරියේ පෙනී සිටින්නැයි විදුලිබල මණ්ඩල සභාපතිවරයා ඇතුළු නිලධාරීන් 09 දෙනෙකුට නොතීසි නිකුත් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More