5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තීරණය කළේ දරුවන්ට වඩා හොඳ අධ්‍යාපන ක‍්‍රමයක් හදුන්වාදීම වෙනුවෙන් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
විශ්ව විද්‍යාලවලට ඇතුළත් වන දරුවන්ගෙන් සියයට 86ක්ම ශිෂ්‍යත්ව විභාගය අසමත් වූ අය බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියෙ.
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනුවට 07 ශ්‍රේණියේ දී හෝ 08 ශ්‍රේණියේදී විභාගයක් පවත්වා එම ප‍්‍රතිඵල මත සිසුන්ගේ දක්ෂතා අනුව ඔවුන් එක් එක් විෂය ක්ෂේත‍්‍රයන්ට යොමු කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...