අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී කටයුතු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද(02) රැස්වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී රාත්‍රී 7.00ට මෙම හමුව පැවැත්වීමට නියමිතය.
අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී අවසන් එකඟතාවකට පැමිණීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
මේ අතර අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීමේ දී ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් එකඟතාවකට පැමිණ නොමැති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්තන් මහතා සඳහන් කළේ ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් අවසන් තිරණයක් ගැනීමට නියමිත බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...