දේශීය පුවත්

ශී‍්‍ර ලංකා හමුදාව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යෑම සඳහා ද්‍රවිඩ සන්ධාන මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් දියත් කළ මෙහෙයුම චීනය හා රුසියාව විසින් ව්‍යර්ථ කර ඇත.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සුමන්තිරන් ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක එමානුවෙල් එහි ප‍්‍රකාශක සුරේන් සුරෙන්ද්‍රන්, එම්. කේ. සිවාජිලිංගම් ඇතුළු කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරීන් අතර මේ පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබේ.

කැනඩාවේ සහායෙන් ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යෑම සඳහා මෙහිදී සාකච්ඡා කර ඇත. එහෙත් කැනඩාව විසින් එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට යොමු කිරීමට නියමිතව තිබූ යෝජනාවකට නිෂේධ බලය යොදා එය ප‍්‍රතික්‍ෂේප කිරීමට රුසියාව හා චීනය තීරණය කර තිබේ.

කැනඩානු කොටි ඩයස්පෝරාවේ කි‍්‍රයාකාරිකයකු මෙන්ම එරට මන්තී‍්‍රවරයකු වූ ගැරි ආනන්ද සංගරි මෙම මෙහෙයුම පසුබිමේ සිටින බව හෙළි වී ඇත.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More