දේශීය පුවත්

මරණ දඬුවම නියමවූ අපරාධකාරයන්ගේ ලැයිස්තුව තමන් වෙත ලැබී ඇති බවත් ඔවුන්ට මරණ දඬුවම ලබාදීමට දින වකවානු තීරණය කර ඇති බවත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ (01 වැනිදා) ප‍්‍රකාශ කළේය.

මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා අවශ්‍ය කරන සියලූම අධිතාක්‍ෂණ උපකරණ ඉදිරි මාසයක කාලසීමාවේදී ශ‍්‍රී ලංකාවට ගෙන්වීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේ අත්අඩංගුවට ගත් කොකේන් තොගයක් සපුගස්කන්ද ගබඩා අංගනයකදී විනාශ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මෙසේද කීය.

දියුණු රටවල මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා අධිතාක්‍ෂණ උපකරණ පාවිච්චි කරනවා. මම පොලිසිය භාර අරගෙන මාස තුනහමාරයි. මේ කාලසීමාවේදී පොලිසිය හෙරොයින් ටොන් එකකට කිට්ටු ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය මේ සියලූ වැටලීම් කළේ කිසිම තාක්‍ෂණ උපකරණයක් පාවිච්චි නොකර වීම විශේෂත්වයක්.

වෙනත් රටවල් මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා යොදාගන්නා අධිතාක්‍ෂණ උපකරණ ගැන අපි සොයා බැලූවා. ඒ උපකරණ මිලදී ගැනීමට ඉතාම ඉහළ මුදලක් වැය වෙනවා. එහෙත් මම තීරණය කළා මේ අධිතාක්‍ෂණ උපකරණ මිලදී ගෙන මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා පොලිසියට භාර දෙන්න. ඉදිරි මාසයක් වැනි කාල සීමාවේදී අපි මේ අධිතාක්‍ෂණ උපකරණ ගෙන්වනවා. රටේ මත්ද්‍රව්‍ය මුලින්ම උපුටා දැමීම සඳහා අවශ්‍ය කරන සියලූ පහසුකම් පොලිසිය වෙත ලබා දෙන බවද ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More