පාතාල ත්‍රස්ත ක්‍රියාකාරකම්වල නියැලෙන්නන්ට වෙඩි තැබීමේ පුහුණුව ලබාදෙන නීති විරෝධී වෙඩි පිටි 5ක් සම්බන්ධව ආරක්ෂක බුද්ධි අංශ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙම වෙඩි පිටි 5 පිහිටා ඇත්තේ කොළඹ, ගම්පහ, මහනුවර හා ගාල්ල ආදී ප්‍රදේශවලය. ඒවා දැනට රටේ ක්‍රියාත්මක වන වෙඩිපිටි ආඥා පනතට අනුව රජයේ අනුමැතිය නොලැබූ නීති විරෝධී වෙඩි පිටි බව ආරක්ෂක අංශ පවසයි.
දැනට රාජ්‍ය බුද්ධි අංශ වෙත ලැබී තිබෙන තොරතුරු අනුව මෙම නීති විරෝධී වෙඩි පිටි පහේම පාතාල ත්‍රස්තයන්ට වෙඩි තැබීමේ පුහුණුව ලබාදී ඇතැයි වාර්තා වේ.
මෙකී නීති විරෝධී වෙඩි පිටි සියල්ල දැනට හඳුනාගෙන ඇති අතර ඒවා තහනමට ලක් කොට වහාම රජයේ ආරක්ෂක අංශ භාරයට ගැනීමට නියමිත බව බුද්ධි අංශ පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...