දේශීය පුවත්

දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් ඉකුත් වසර තුනේදී අත්අඩංගුවට ගත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 769 කට අධික ප‍්‍රමාණයක් විනාශ කිරීම මේ වනවිට ආරම්භ වී තිබේ.

ඒ, සපුගස්කන්ද සුරවීර ගබඩා සංකීර්ණයේදීය.

මෙලෙස විනාශ කෙරෙන මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන දස දහස් තිස් පහකට අධිකය.

ඒවා අද (01) පෙරවරුවේ විශේෂ ආරක්‍ෂාවක් යටතේ අදාළ ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගිය අතර එහිදී අදාළ මත්ද්‍රව්‍ය තොගය දියකර පුත්තලමේ සිමෙන්ති කම්හලක් වෙත රැගෙන ගොස් එම ද්‍රාවණය දහනය කිරීමට සැලසුම් කර තිබේ.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාද මෙම කටයුතු නිරීක්‍ෂණය සඳහා පැමිණී අතර අද දිනයේ මෙලෙස විනාශ කරන්නේ අධිකරණ කි‍්‍රයාවලිය අවසන් වූ කොකේන් තොගයකි.

මීට පෙරද ඉකුත් වසරේ ජනවාරි මාසයේදී මෙලෙසම මත්ද්‍රව්‍ය තොගයක් ප‍්‍රසිද්ධියේ විනාශ කෙරුණි.


ghbwhgtsyxcw



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More