දේශීය පුවත්

ලංකාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අන්ත දූෂිත තත්ත්වයට පත්වීම හේතුවෙන් රාජ්‍ය මුදල් අවභාවිතාව ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ ප්‍රසම්පාදන හා කොන්ත්‍රාත් අංශයේ හිටපු ප්‍රධානී ‍‍‍ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ මහින්ද කටුගහ පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇති සීමාවන් හා උපදෙස් මග හරිමින් හිතාමතාම ඒවා උල්ලංඝනය කරමින් රජය ක්‍රියාත්මක කරන කොන්ත්‍රාත් හා භාණ්ඩ හා සේවා මිලදී ගැනීම් දූෂණයෙන් හා වංචාවෙන් ඉතා ඉහළ අගයක් ගෙන ඇති බවද අධිනීතිඥ කටුගහ පෙන්වා දෙන්නේය.

රාජ්‍ය මුදල් ඉතාම ඉහළ මට්ටමේ අවභාවිතා වන මෙම අංශයේ කටයුතු පිළිබඳ පූර්ණ විමර්ශනයක් කර ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පිළිගත් ක්‍රමවේදයන් උල්ලංඝනය කර ඇති නිලධාරීන් හා දේශපාලනඥයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි. රජය ක්‍රියාත්මක කර ඇති බොහෝ කොන්ත්‍රාත් හා භාණ්ඩ හා සේවා මිලදී ගැනීම්වලදී නියමිත පරිදි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර නොමැති බවද ඔහු අවධාරණය කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More