දේශීය පුවත්

මෙම වසර තුල ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් ඒ ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ මහතාත්,මහින්ද රජපක්ෂ මහතාත් ,මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාත් එක වේදිකාවේ සිට ඉදිරි ජනාධිපතිවරණයට නායකත්වය දෙන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

දවුලගලදි පසුගිය (30)දා පස්වරුවේ උඩුනුවර තේ ව්‍යාපාරික එකමුතුව විසින් පවත්වනු ලැබු උත්සවයකදි මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රිවරයා කියා සිටියේ “රනිල් ජනාධිපති වුවහොත් ව්‍යාපාරිකයින් මේ රට අත් හැර යනවා නම් හොඳයි. ව්‍යාපාර සියල්ල ඉවරයි. මේ වසර 4 ඇතුලත කෙසෙල් ගෙඩිය විකුණන , අඹ ගෙඩිය විකුණන මිනිසුන්ගෙන් අහන්න බිස්නස් වැටිල නැද්ද කියල. මිනිසුන්ට බදු ගහනවා බඩු මිල ඉහළ ගිහිල්ල. මිනිසුන්ට ජිවත් වෙන්න බැ. ඒ නිසා අපි සියලුම දෙනා එකතුව මේ ආණ්ඩුව ගෙදර යවන්නට කටයුතු කල යුතුයි.

බැදුම්කරයේ හොරකම් ටික වහගන්න රනිල් වික්‍රමසිංහ කටයුතු කරනවා. හෙට අනිද්දට කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගන්නවා තව සතියක් දෙකක් යද්දි අගමැතිතුමාගෙන් කට උත්තර ගන්නවා. ඒ නිසා ඒගොල්ලන්ට අධිකරණයට යන්න වෙයි කියල බයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක ජාතික ආණ්ඩුවක් හදන්න උත්සාහ ගන්නවා යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More