දේශීය පුවත්

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ අතැම් වැය ශීර්ෂ පරාජය විම හමුවේ රාජ්‍ය සේවකයින් ලක්ෂ පහහමාරකට වැටුප් සහ දීමනා සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර ගෙවිමට නොහැකි වන බව අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

අමාත්‍යවරයා නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ පළාත් සභා නවයේ සහ පළාත් පාලන ආයතන 341ක සේවකයින්ට මෙම තත්ත්වය ඇති බවයි.

පක්ෂ නායකයින් ගෙන තිබු තීන්දුවට පරිභාහිරව පසුගිය 28 වන දින අදාළ වැය ශිර්ෂ පරාජය කිරිමට විපක්ෂ මන්ත්‍රි වරුන් ගත් ක්‍රියා මාර්ග හේතුවෙන් බරපතල ගැටළු කාරි තත්ත්වයක් ඇතිවන බවද අදාළ නිවේදනයේ දැක්වෙයි

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණටම බලය හිමිවි ඇති පළාත් පාලන ආයතන සහ පළාත් සභා ක්‍රියාකාරිත්වය ඔවුන් විසින්ම බිඳ දැමිම පුදුමයට කරුණක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. එසේ නොමැති වුවහොත් පළාත් සභා හා පළාත් පාලන ආයතන අක්‍රිය විමේ වගකීම ඔවුන් විසින්ම භාර ගත යුතු බවද අමාත්‍යවරයා අවධාරනය කර සිටියි.

ඉතිහාසයේ විවිධ අවස්ථාවල වැය ශිර්ෂ පරාජය කරත් ඉන් ආණ්ඩුවට කිසිවක් සිදු නොවු බවත් මෙමගින් මාස කිහිපයක් වැටුප් නොලැබීමෙන් අහිංසක රාජ්‍ය සේවකයින් බරපතල ඛේදවාචකයකට ඇද දැමු බවට අමාත්‍යවරයා කියා සිටියි.

එහි බලපෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සමස්ත කාර්යමණ්ඩල, ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සමස්ත කාර්ය මණ්ඩල, සියලුම ග්‍රාම නිළධාරින්වරුන්, සංවර්ධන නිලධාරින් සහ අනෙකුත් නිලධාරින් ඇතුළුව පළාත් නවයේ හා පලාත් පාලන ආයතන 341 ක සේවකයින්ට බලපාන අතර එහි ක්‍රියාකාරිත්වය සම්පුර්ණයෙන් අඩපන කොට ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More