විදේශ පුවත්

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ අග්‍රාමාත්‍ය ධූර ර අපේක්ෂක ලෙස රාහුල් ගාන්ධි උතුරු ඉන්දියාවේ අමිති ආසනයට සහ කේරලයේ වයනද් ආසනයට තරඟ කිරීමට නියමිතය.

ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව රාහුල් ගාන්ධි චතිස්ගාර්, මධ්‍ය ප්‍රදේශ්, උත්තර් ප්‍රදේශ් ඇතුළු ප්‍රාන්ත කිහිපයක ජනප්‍රියතාව වර්ධනය කර ගැනීමට හැකි වී තිබේ.

ඉන්දීය මහමැතිවරණය ලබන මස 11 වනදා ආරම්භ වීමට නියමිත අතර මැයි මස 19 වනදා තෙක් පැවැත්වීමට නියමිතයි. ඡන්ද ගණන් කිරීම සිදු වන්නේ 23 වනදායි.

කේරලයේ වයනද් නමැති මැතිවරණ කොට්ඨාසයට ඉදිරිපත් වීම හරහා දකුණු ඉන්දීය ජනතාවට සමීප වීමට ගාන්ධි උත්සහ කරනු ඇති බව එරට දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

කොංග්‍රස් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කරන සෝනියා ගාන්ධි 1999 උතුරු ඉන්දියාවේ අමිති අසුනට අමතරව කර්ණාටක ප්‍රාන්තයේ බෙල්ලාරි ආසනයට තරඟ කළේය. එහිදී වත්මන් විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් සෝනියා ගාන්ධිට පරාජය විය.

ගාන්ධි පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක වන හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි ද උතුරු ඉන්දියාවේ රෙබෙරලි ආසනයට අමතරව තෙලංගනාවේ මේඩක් ආසනයට තරඟ කළේය. ඒ 1980 දීය.

මේ වන විට නැවත වටයක් භාරතීය ජනතා පක්ෂය අභිබවා කොංග්‍රසය ජනතා ප්‍රසාදය දිනා ගෙන තිබෙන බව ඉන්දීය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More