දේශීය පුවත්

දිස්ත්‍රික්ක හතක් හරහා දිවෙන, අක්කර ලක්ෂ 12ක් අත්පත් කරගන්නා ඇමරිකානු නීතිය ක්‍රියාත්මක ‘ආර්ථික කොරිඩෝවක්’ ඉදි කිරීමේ ව්‍යාපෘතියට අදාළ සැලසුම් සකස් කෙරෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් නැමැති ඇමරිකානු රාජ්‍ය ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලය අරලියගහ මන්දිරය තුළ පවතින බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා ලිඛිත සාක්ෂි සහිතව ඔප්පු කර සිටියේය.

මෙම කාර්යාලය අරලියගහ මන්දිරයේ ඇතුළත පිහිටුවා ඇති බව හැකිනම් ඔප්පු කර පෙන්වන ලෙසත් නැතිනම් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් පසුගියදා අමාත්‍ය සාගල රත්නායක මහතා අයවැය විවාදයේ දී විමල් වීරවංශ මහතාගේ කතාවට බාධා කරමින් අභියෝග කර සිටියේය. එම අභියෝගය බාරගත් විමල් වීරවංශ මහතා (31) දංකොටුව සිත් රූ ශාලාවේදි පැවැති ‘රටට මොකද වෙන්නේ ?’ ජනහමුවට එක්වෙමින් මෙම කාර්යාලය අරලියගහ මන්දිරය තුළ වන බව පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂය යටතේ 2019 පෙබරවාරි 19 දාතම සහිතව ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ශ්‍රී ලංකා කාර්යාලයේ, ජාතික උපදේශක/ සම්බන්ධීකාරක ආර්. සිරිවර්ධන නැමැත්තා යැවූ නිල ලිපියක් ජනතාවට පෙන්වමින් විමල් වීරවංශ මහතා මේ බව සඳහන් කලේය. එම ලිපියෙහි ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ හි ශ්‍රී ලංකා කාර්යාලයේ ලිපිනය ‘දෙවන මහල, නව ගොඩනැගිල්ල, උතුරු පියාපත, අරලියගහ මන්දිරය, කොළඹ 03’ ලෙස පැහැදිලිව දක්වා ඇති බව විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

තමන් මේ බව ඔප්පුකර පෙන්නූ නිසා ජනතාව රැවටූ සාගල රත්නායක අමාත්‍යවරයා ජනතාවගෙන් සමාව ගෙන ඉල්ලා අස්විය යුතු බව ද විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

සාගල රත්නායක මන්ත්‍රීකමින් ඉල්ලා අස්වේ! විමල් විමතියෙන්!

සාගල රත්නායක මන්ත්‍රීකමින් ඉල්ලා අස්වේ!විමල් විමතියෙන්!

Gepostet von Wimal weerawansa am Montag, 1. April 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More