ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නම් 03ක් යෝජනා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස එහි ඉදිරියෙන්ම සිටින අතර කතානායක කරු ජයසූරිය මහතා එහි දෙවන තැනට යෝජනා වී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් වැඩිදුරටත් කරයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන්ගේ කැමැත්ත අනුව පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නමද ඒ සඳහා යෝජනා වී ඇති අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් විය යුතු බව එම පක්ෂයේ බහුතර මතය වි තිබේ.
ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගනු ලබන අතර ඒ පිළිබඳ තීරණයක් ගැනීම සඳහා ඉදිරියේදී සාකච්ඡා වට කිහිපයක්ද පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...